Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද? – අවසන් තීරණය හෙට

By News Team on August 26th, 2021 in Local

තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධව තීරණය හෙට (27) දිනයේ දී ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් හෙට (27) පැවැත්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි.

රට තුළ කොරෝනා වෛරසය රට තුළ පැතිරී යාම පාලනය කිරීම සඳහා පසුගිය 20 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

එය ලබන 30 වනදා අළුයම 04ට අවසන් වීමට නියමිතයි.