Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සුරාබදු අගයන් ඉහළට – මිළ ගණන් වැඩි වන්නේ මෙහෙමයි

By News Team on November 14th, 2021 in Local

2022 අයවැය යෝජනාවලිය අනුව වැඩි කරන ලද සුරා බදු අගයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දේශීය විශේෂ අරක්කු ලීටරයක් සඳහා අය කෙරෙන නිෂ්පාදන බද්ද රුපියල් 4180 දක්වා ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.

එය ලීටරයකට රුපියල් 380 ක බදු වැඩි කිරීමක්.

දේශීය නිෂ්පාදිත පොල් අරක්කු ලීටරයක් සඳහා වන බද්ද සංශෝධනය කර ඇත්තේ රුපියල් 4460 ක් ලෙසයි.

එහි බදු ඉහළ දැමීම ලීටරයකට රුපියල් 410 ක්.

මෙරට නිෂ්පාදනය කෙරෙන විදේශීය මත්පැන් ලීටරයක් සඳහා රුපියල් 4570 ක බද්දක් අය කෙරෙනු ඇති.

එනම් ලීටරයකට රුපියල් 420 ක බදු ඉහළල දැමීමක් වනවා.

සැර සියයට 05 ට අඩු මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 3300 දක්වාද සැර සියයට 05 ට වැඩි මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 3450 දක්වාද ඉහළ දමා තිබෙනවා.

රා හැර අනෙකුත් ශාඛ නිෂ්පාදිත මත්පැන් ලීටරයක් සඳහා අය කෙරෙන බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 3300 ක් ලෙසයි.

එහි බදු වැඩි කර ඇත්තේ ලීටරයකට රුපියල් 100 කිනුයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව මෙම සංශෝධිත බදු නොවැම්බර් මස 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනවා.