Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

2011 ලෝක කුසලාන අවසන් තරඟය පවා දීමේ පරීක්ෂණ ගැන සැහීමකට පත් වෙන්නේ නැහැ – අමාත්‍ය මහින්දානන්ද – (VIDEO)

By News Team on October 5th, 2021 in Local

2011 වසරේ පන්දුවාර 50 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී තරඟ පාවාදීම ගැන සිදුකළ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණය ගැන තමා සෑහීමට පත් නොවන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් පසුගිය මහ මැතිවරණ සමයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ඇරඹුවත් නිසි සාක්ෂි නොමැති වීම හේතුවෙන් පරීක්ෂණ අවසන් කිරීමට නීතිපතිවරයා තීරණය කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් අද (05) පාර්ලිමේන්තුවේදී නැඟූ වාචික ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් විසින් අද පාර්ලිමේන්තුවේදී නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ ප්‍රකාශ කර සිටියා.

” 2011 අවසන් ලෝක කුසලාන තරගයේ පාවා දීමක් සිදුවූ බවට මම ප්‍රකාශයක් සිදුකළා. නමුත් ඒ ගැන සිදුවූ පරීක්ෂණ ගැන මම සෑහීමට පත්වන්නේ නැහැ. මොකද මම කිව්වේ නැහැ තරග පාවාදීමට ක්‍රීඩකයින් සම්බන්ධයි කියලා. මම කිව්වේ නැහැ සංගක්කාර, මහේල, අරවින්ද මහත්වරුන්ව ගෙනල්ලා ප්‍රශ්න කරන්න කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සභාපති ඩි.එස්. ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග සහ කණ්ඩායමේ කළමනාකරු සුරාජ් දන්දෙණිය ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකලේ නැහැ.

මොකද මේ ගැන අහන්න ඕන අය ඒ අයයි. එහෙම නැතුව ක්‍රීඩකයින් ගෙන් ප්‍රශ්න කරන්න කියලා මම කොතනකවත් කිව්වේ නැහැ. ඔය ගැන කිව්වා කියලා ගිය මහ මැතිවරණයෙන් මම මහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට ආවේ. මොකද මට විරුද්ධව කැම්පේන් එකක් ගියා මේ ගැන කතා කළා කියලා මට ජන්දය දෙන්න එපා කියලා.

අනිත් කරුණ තමයි මම අදටත් ඔය මැච් ෆික්සින් කියන එක වෙනවා.” අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටියා.