Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලබන සඳුදා සිට පාසල් ගියත් සවස දෙකට රටපුරා උද්ඝෝෂණ මාලාවක්

By News Team on October 19th, 2021 in Local

ලබන සඳුදා සිට පාසල් ආරම්භ කිරීමට එක් වුවත් එදින පස්වරු දෙකට රට පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සැලසුම් කර ඇත්තේ ඔතෝම්බර් 25 වනදා සිට නොවැම්බර් 02 වනදා දක්වා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමය කියා සිටියේ ආරම්භ කළ සියලු පාසල් ඉදිරිපිට නොවැම්බර් 03 වනදා පෙරවරු 08 ට දෙමාපිය උද්ඝෝෂණයක්ද පැවැත්වෙන බවයි.