Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරේ

By News Team on August 23rd, 2021 in Local

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද (23) අළුයම ගැටඹේ තොටේ දී සිදු කෙරුණා.

අවසන් රන්දෝලි පෙරහැර ඊයේ පස්වරුවේ වීථි සංචාරය කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට අනුව ජන සහභාගීත්වයෙන් තොරවයි.

දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරු ව දවල් පෙරහැරින් මෙවර සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනවා.

අනතුරු ව පෙරහැර සාර්ථක ව අවසන් කළ බවට වන සන්දේශය දියවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමට නියමිතයි.