Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

චීන තානාපතිට එංගලන්තය පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරයි

By News Team on September 15th, 2021 in International

එංගලන්තයේ චීන තානාපති එංගලන්ත පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කර තිබෙනවා.

චීන තානාපති සෙන් සෙගුවාට මෙම තහනම පනවා ඇත්තේ මානව හිමිකම් සම්බන්ධ ගැටළුවක් මුල් කරගනිමිනි.

මෙහි විශේෂත්වය වන්නේ තානාපතිවරයා අද (15) උත්සවයක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව සිටියදී මෙම තහනම සිදු කර තිබීමයි.

චීනය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ මෙය පහත් ක්‍රියාවක් බවයි.

කෙසේ වෙතත් මීට පෙර චීනය විසින් එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුටද මෙවැනි තහනම් පැනවීමට කටයුතු කළා.