පුංචි ඡන්දය පැවැත්වීමේ බාධාවක් ගැන මැතිවරණ කොමිසම හෙළිකරයි…

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සඳහන් කරන්නේ මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බවත් පනත සංශෝධනය කළ වහා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බවත් ය.

පළාත් පාලන මැතිවරණ පනත ජනවාරි මාසය ඇතුළත සංශෝධනය කර දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම්දී තිබේ.

මැතිවරණ පනත හැකි ඉක්මනින් සංශෝධනය කර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් පසුගියදා ඉල්ලීමක් කළ අතර පළාත් පාලන ආයතන සදහා පෙර කැඳවු නාම යෝජනා අහෝසි කිරීමට රජය පසුගියද‍ා තීරණය කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *