Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දීය සාගරයේ සිදුවූ භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට අවධානමක් නැහැ – කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

By News Team on August 3rd, 2021 in Local

ඉන්දීය සාගරයේ අන්දමන් දුපත් ආසන්නයේ කිලෝමීටර් 95ක් ගැඹුරින් රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පාවක් හටගෙන තිබෙනවා.

මෙම භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු සුනාමි අවධානමක් නොමැති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

එම දෙපාර්තමේන්තුවේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්‍ෂිත සහිත බවයි.

මෙරට වේලාවෙන් අද (03) පෙරවරු 09.12ට පමණ මෙම භූමිකම්පාව හටගෙන තිබෙනවා.