Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යුතුකම් අනිවාර්යෙන් ඉටු කරනවා

By News Team on October 29th, 2021 in Local

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අනිවාර්යෙන්ම ඉටු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමේ පළමු අදියරට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

කොටහේන සාන්ත ලූසියා ආසන දෙව්මැදුරේ දී එය පැවැත්වුණා.

පවුල් 19 කට මෙලෙස නව නිවාස ප්‍රදානය කෙරුණු අතර පවුල් 33 කට මෙලෙස නව නිවාස ප්‍රදානය කිරීමට නියමිතයි.

බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව යුතුකම් ඉටු කිරීමේදී ප්‍රමාදයන් ඇතිවුවද අනිවාර්යෙන්ම ඔවුන් වෙනුවෙන් කැපවීම කිරීමට සූදානම් බවයි මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ.

ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලාගැනීමට රජය පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

සියලූ ජනතාව ආගම් භේදයෙන් තොරව, ජාති භේදයෙන් තොරව කටයුතු කිරීමට වගබලා ගත යුතු බවයි මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ.