Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ප්‍රකාශයක් ලබාදෙන්න වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද CIDයට

By News Team on August 31st, 2021 in Local

ප්‍රකාශයක් ලබාදෙන්න වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද CIDයට

ඖෂධ පිළිබඳ සමාජ මාධ්‍ය සාකච්ඡාවකදී කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

ඔහුව මෙලෙස කැඳවා ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වාර්තා මකා දැමීමේ සිද්ධියට සහ ඖෂධ පිළිබඳව ඔහු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළවයි.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන්වීම පිළිබඳව සමගි ජන බලවේගය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ගොණුකල එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ මෙම දත්ත අතුරුදන්වීම රටේ ජාතික ආරක්ෂාවටත්, සෞඛ්‍ය පද්ධතියටත් බරපතළ තර්ජනයක් බැවින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

ඖෂධ මාෆියාව නැවත හිස ඔසවමින් පවතින බවද ආණ්ඩුව විශාල ලෙස ඖෂධ මිල ඉහළ දමමින් ජනතාව අපහසුවට පත් කරමින් ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කලා.