Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අද සහ හෙට කොළඹින් පිට යන්න එපා – ජනපති අගමැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දන්වයි

By News Team on July 19th, 2021 in Exclusive Story

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද (19) සහ හෙට (20) ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.

කොළඹ රැඳී සිටිමින් එම දින දෙකේ විවාදයට සහභාගී යෝජනාව පරාජයට පත් කිරීමට උපරිම දායකත්වය ලබා දෙන ලෙසයි ආණ්ඩුවේ ප්‍රධානීන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙත දන්වා ඇත්තේ.

කෙසේ වෙතත් මේ වන විටත් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.