Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඉන්ධන මිල අද හෙට වැඩි කරන්න එපා – ජනපති ඛනිජ ඇමතිට දැනුම් දෙයි

By News Team on October 12th, 2021 in Local

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඊයේ (11) රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගනන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති, ඇමති උදය ගම්මන්පිල මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.