Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පැන්ඩෝරා ලේඛණ ගැන සාධාරණ විමර්ශනයක් කරන්න – TISL

By News Team on October 5th, 2021 in Local

පැන්ඩෝරා ලේඛණ මඟින් හඳුනාගෙන ඇති කිසියම් හෝ ධනයක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සම්පත් අවභාවිතායෙන් උපයා ගෙන ඇත්දැයි සොයා බැලීම සඳහා මෙරට අභ්‍යන්තර වශයෙන් ද පුළුල් විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය බව ට්‍රාන්ස්ප්‍රේන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතයන අවධාරණය කරනවා.

එහිදී ඔවුන් නිවේදනයක් දක්වමින් කියා සිටියේ පැන්ඩෝරා ලේඛණ මඟින් හෙළිදරව් කර ඇති කරුණු පිළිබඳ ස්වාධීන විමර්ශනයක් කඩිනමින් සිදුකළ යුතු බවයි.

ඊට අමතවර චෝදනාවට ලක්වන හිටපු අමාත්‍යවරියට අදාළව දැනට පවතින විමර්ශන නීති ක්‍රියාත්මක කරන අධිකාරීන්ට සහ අධිකරණයට කිසිඳු බාහිර බලපෑමක් හෝ අතපෙවීමකින් තොරව සම්පුර්ණ කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතු බව ට්‍රාන්ස්ප්‍රේන්සි ශ්‍රී ලංකා ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.