Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පොහොර ගැන ජනපති සමඟ සාකච්ඡාවක් අද – කාබනික පොහොර ප්‍රතිපත්තියේ වෙනසක් නෑ – කෘෂිකර්ම ඇමති කියයි

By News Team on November 22nd, 2021 in Local

කෘමි නාශක, වල් නාශක සහ දිලීර නාශක නැවත ආනයනය කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා අද (22) පෙරවරුවේ සාකච්ඡාවක් පැවත්වෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තුන්වන සහ හතරවැනි කාණ්ඩයේ පොහොර ආනයනය කිරීමට එහිදී අවසර ඉල්ලා සිටීමට නියමිත බවයි.

මේ අතර එළවළු සහ වී වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශාක පෝෂක රසායනික පොහොර ගෙන්වන බවට පළවන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.

මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ ආපසු හැරවීමක් ගැන මේ වන තෙක් කිසිඳු ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.