Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දිල්රුක්ෂි ඩයස් නිශ්ශංක සේනාධිපතිගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි

By News Team on August 2nd, 2021 in Exclusive Story

අල්ලස් දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් හා හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවැති දුරකථන සංවාදය සංස්කරණය කරන ලද්දක් බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව තහවුරු කර ඇති බව සති අන්ත ඉංග්‍රීසි ජාතික පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

අදාළ සංවාදය හේතුවෙන් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යැවීමට ලක් කෙරුණා.

ඒ අනුව ඇයගේ වැඩ තහනම් කිරීමේ නියෝගය වහාම අහෝසි කරන ලෙසත් වහාම රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවසර දෙන ලෙසද එම සභාව සඳහන් කර තිබෙනවා.

මේ අතර තමන්ට අදාළ හඬ පටය හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2ක මුදලක් වහාම ගෙවා දමන්නැයි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නිශ්ශංක සේනාධිපති මහතාගෙන් එන්තරවාසි ලිපියක් යොමු කර ඇති බව වාර්තා වනවා.

උපුටා ගැනීම සන්ඩේ ටයිම්ස් පුවත්පත

අදාළ සම්පුර්ණ ලිපිය