Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මන්ත්‍රී ධුරය අහිමි නොකරන ලෙස ඉල්ලා ඩයනා අධිකරණයට යයි

By News Team on November 5th, 2021 in Local

තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරිමේ සූදානම වලක්වන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුලු 11 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම්කරමින් මෙම පෙත්සම ගොණුකර ඇති බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඩයනා ගමගේ මහත්මිය මේවනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක ලෙසයි කටයුතු කරන්නේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වමිනුයි ඇය ආණ්ඩු පක්ෂය හා සම්බන්ධ වුණේ.

කෙසේ වෙතත් ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගියදා තීරණය කළ අතර එය අභියෝගයට ලක් කරමිනුයි ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකර ඇත්තේ.