Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඩෙල්ටා හැඳුණොත් රෝග ලක්ෂණ නැතිව හැදෙන තවත් ලෙඩක් ගැන අනාවරණයක්

By News Team on August 27th, 2021 in Local

කොරෝනා වෛරසය ඩෙල්ටා ප්‍රභේදය ආසාධනය වීමේදී කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාදවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ ගෝඨාභය රණසිංහ මහතා පවසනවා.

වෛද්‍යවරයා සඳහන් කළේ කොරෝනා ආසාධිත රෝගීන් විසි දෙනෙක්ට පසුගිය කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකළ බවයි.

පළවෙනි සහ දෙවෙනි කෝවිඩ් රැලි දෙකෙදී එවැනි හෘදයාබාදයට ලක්වු කොවිඩ් රෝගීන්ගේ ප්‍රවණතාවයක් දක්නට නොලැබුණු බව සඳහන් කරන ඒ මහතා තුන්වන රැල්ලේ දී මතු වු කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙය දක්නට ලැබෙන බවයි ඔහු කියා සිටියේ.

හෘදයාබාධයට ලක් වී රෝහල් ගත වන බොහොමයක් පිරිස් වයසින් අඩු පුද්ගලයන් බව සඳහන් කරන ඒ මහතා සාමාන්‍යයෙන් හෘදය බාධයකට තුඩුදෙන අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියා තත්වයකට ගොදුරු නොවී හෘදයාභාධයට ලක් වුවන් බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.