2025 වසරේ ඩෙංගු රෝගීන් 4931ක් වාර්තා වුවද, මේ වසරේ ගත වූ දින හයට රෝගීන් 1598ක් වාර්තා වී ඇත. දිට්වා සුළු කුණාටුවට පසු සහ මේ දිනවල පවත්නා වැසි තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරට සාපේක්‍ෂව මෙම වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානම වැඩිවනු ඇති බැව් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
එබැවින් තත්ත්වය උත්සන්න වන තෙක් නොසිට නිකසළ පුරයක් – සුවබර දිවියක්’ තේවාම යටතේ පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදිනක ජාතික වැඩසටහනක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ අතර එය අද 9 වැනිදා දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වේ.
මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මදර්න ඒකකය, ශ්‍රී ලංකා පොලිසිය, පරිසර ආරක්‍ෂක කොට්ඨාසය ඒකාබද්ධව, අධ්‍යාපන, ආරක්‍ෂක, පරිසර යන අමාත්‍යාංශ දායකත්වය ඇතිව පළාත් පාලන ආයතන මට්ටමින් පැවැත්වේ. ප්‍රජා මට්ටමේ ඩෙංගු මර්දන වැඩසටහන සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ආවරණය වන ආයතන සඳහා ඩෙංගු මර්දන වැඩසටහන ඉකුත් දෙදින තුළ පවත්වන ලදි.
අද (9) රාජ්‍ය සහ පෞද්ගලික අංශ ආවරණය වන ඩෙංගු මර්දන වැඩසටහන ද දීපව්‍යාප්තව පැවැත්වේ. සමස්ත පළාත් පාලන ආයතන 341 ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර සමාරම්භක අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ද එක්විය.
ඩෙංගු ශීඝ්‍රයෙන් ඉහළට මේ වසරේ පළමු දින 6ය රෝගීන් 1598ක්.
Spread the news
අලුත්ම පුවත්
-
රත්නපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී , ගයාන් කුඩාගම සම්මානයකින් පිදුම් ලබයි.
-
වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ ඇයට හිමි නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් වෙත පිරිනමයි.
-
එංගලන්තයේදී ඝාතනයට ලක් වූ ලංකාවේ නිරෝධාගේ ඝාතකයා වරද පිළිගනියි.
-
පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තුව වැඩි නොකිරීමට තීරණයක්.
-
රැකියා වෙළෙඳ පොළට ගැළපෙන ලෙස වෘත්තිය පාඨමාලා වෙනස් විය යුතුයි – ඇමති උපාලි පන්නිල.
-
වරෙන්තු නිකුත් කෙරුණු විමල් අධිකරණයට.
-
ආපදාවට ලක්වූ පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලේ මූල්‍ය ආධාර ලබාදීම ඇරඹෙයි.
-
විමල්ට වරෙන්තු.
-
තිළිණි පියුමාලිට වරෙන්තු.
-
ධම්මිකට අධි චෝදනා.



ප්‍රතිචාරයක් ලබාදෙන්න