Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඩෙල්ටා ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයකින් හමුවෙයි?

By News Team on June 21st, 2021 in Local

මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ ඉන්දියාවේ ව්‍යාප්තවන ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පිළිබඳ යම් හඳුනා ගැනීමක් සිදු කර ඇති නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඔහු කියා සිටින්නේ මේ වන විට රෝග පාලනයට අවශ්‍ය පියවරගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවෙන් පළමුවරට ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාධිත පුද්ගලයින් හඳුනා ගැනුණේ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයෙන්.

මෙහිදී අහඹු ලෙස තෝරාගත් සාම්පල පහක් සම්බන්ධයෙන් කළ වැඩිදුර පරීක්ෂණවලදී එම සාම්පල පහම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය බවට තහවුරු කරගනු ලැබුවා.

එහිදී අහඹු ලෙස තෝරාගත් සාම්පල පහක් සම්බන්ධයෙන් කළ වැඩිදුර පරීක්ෂණ වලදී එම සාම්පල පහම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ බවට තහවුරු කර ගැනුණා.

කෙසේ වෙතත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කිරීමෙන් අනතුරුව තත්ත්වය තහවුරු කරගන්නා විටත් එම අසාදිතයින් 05 දෙනාගෙන් ප්‍රතිකාර ලබමින් සිටියේ දෙදෙනෙකු පමණයි.

ඉතිරි තිදෙනා ඒ වනවිටත් සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබුණා.

මේ වනවිට ආදල ආසාදිතයින් වාර්තා වූ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයට දැඩි සංචරණ සීමා පනවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරනවා.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් වසංගත රෝග විද්‍යා අංශයට නිල වශයෙන් දැනුම් දීමක් සිදුකර නොමැති නමුත් ලැබී ඇති තොරතුරු අනුව හදිසි ආරක්ෂණ පියවර ගෙන ඇති බවයි.