Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

විශ්ව විද්‍යාල නැවත ආරම්භ කිරීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

By News Team on October 22nd, 2021 in Local

නැවත වතාවක් විශ්ව විද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිත අතර දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

විශ්ව විද්‍යාල සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වනු ඇති.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ එක් එක් විශ්ව විද්‍යාල එන්නත්කරණයට ලක්ව ඇති සිසුන් සංඛ්‍යාව පිළිබඳ වාර්තා සලකා බැලීමට නියමිත බවයි.

බොහෝ දුරට ලබන මාසයේ දී විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවතත් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි එම කොමිෂන් සභාව විශ්වාසය පළ කරන්නේ.