Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තීරණාත්මක කොරෝනා මර්ධන රැස්වීමක් අද – රට වසා දැමීමේ සුදානමක්?

By News Team on August 20th, 2021 in Local

තවත් තීරණාත්මක කොරෝනා මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමක් අද (20) පැවැත්වෙනවා.

එය ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් එය ආරම්භ වීමට නියමිතයි.

මෙහිදී සති කිහිපයකට රට වසා දමන ලෙස පාර්ශව ගණනාවක් කර ඇති ඉල්ලීම පිළිබඳව මෙහිදී අවසන් තීරණයක් ගැනෙනු ඇති බවයි රජයට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

අද (20) පෙරවරුවේ පැවැත්වෙන කොරෝනා කාර්ය සාධක බලකා රැස්වීමේ දී ගනු ලබන තීරණ පස්වරුවේ නිල වශයෙන් දැනුම් දීමට නියමිතයි.