Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වීඩියෝ මිලියනයක් යුටියුබ් එකෙන් ගලවන්න තීරණය කරයි

By News Team on August 26th, 2021 in Gossip

යුටියුබ් වීඩියෝ මිලියනයකට වඩා ඉවත් කිරීමට කටයුතු කරන බව යුටියුබ් ආයතනය නිල වශයෙන් අද (26) නිවේදනය කළා.

මීට හේතුව වී ඇත්තේ කොරෝනා වෛරසය පිළිබඳ අසත්‍ය පුවත් ඇතුළත් කරමින් වීඩියෝව පළ කොට තිබීමයි.

“ගෝලීය වසංගතයක් මධ්‍යයේ, සෑම කෙනෙකුම තමා සහ තම පවුල් ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා ලබා ගත හැකි හොඳම තොරතුරුවලින් සන්නද්ධ විය යුතුයි.” යනුවෙන් එම සමාගම් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දී තිබෙනවා.