Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රැවුල කැපීම තහනම් කිරීමට තීරණය කරයි – සියලු සැලුන් වෙතට නියෝගයකුත් යවයි

By News Team on September 27th, 2021 in Gossip

පුරුෂයන්ගේ රැවුල මුළුමනින්ම කපා දැමීම හෝ අඩු කිරීමෙන් වළකින ලෙස තලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානය වෙත නියෝග කර තිබෙනවා.

ඇෆ්ඝන් පුවත් වාර්තා කරන්නේ ඉස්ලාමීය නීතියට පටහැනි වීම හේතුවෙන් මෙම නියමයන් කඩ කරන්නන් දැඩි දඬුවම් පමුණුවන බවද ඔවුන් සඳහන් කර ඇති බවයි.

කාබුල් අගනුවර පිහිටි බාබර් සාප්පු හිමියන් ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තමාට එවැනි නියෝගයක් ලැබුණු බවයි.

ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මීට වසර 20කට පමණ ඉහත දී පැවැති දරුණු තලේබාන් පාලනය නැවත ස්ථාපිත වීමක් පෙන්නුම් කරන බවයි.

තවද ඔවුන් නිකුත් කර ඇති නියෝගය වැඩිදුරටත් සඳහන් වන්නේ කොණ්ඩය සහ රැවුල් සැකසීමේ දී අමෙරිකානු විලාසිතාවෙන් බැහැර වෙන ලෙසටද සැලුන් වෙත දැනුම් දී ඇති බවයි.

1996 සිට 2001 දක්වා පැවති තලේබාන් පාලනය අතරතුර මෙවැනි දැඩි නීතිරිති ක්‍රියාත්මක වූ අතර 2001 වසරේදී අමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීමත් සමග එරට තුළ නව විලාසිතා අතිශය ජනප්‍රිය වුණා.