Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වියත්මගේ දයා රත්නායක රට තුළ සිදුවන දේවල් ගැන ඉන්නේ කළකිරීමෙන් ලු

By News Team on July 2nd, 2021 in Gossip

රට තුළ මේ වනවිට සිදුවන කටයුතු ගැන තමන් කලකිරීමෙන් පසුවන බව වත්මන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කර තිබෙනවා.

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක පසුගිය 30 වනදා වැඩ භාරගෙන ගනු ලැබුවා.

රටට යම් යුතුකමක් ඉටු කිරීමේ අරමුණින් තමන් එම තනතුර භාරගත් බවයි දයා රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙන්නේ.

කෙසේ වෙතත් මේ මොහොතේ රට තුළ සිදුවන කටයුතු පිලිබද තමන් කලකිරීමකින් පසුවන බවයි ජෙනරල් දයා රත්නායක මහතා පෙන්වා දෙන්නේ.

මීට පෙර වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළේ එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහායි.

කිසිදු උත්සවයකින් තොරව ඔහු පසුගිය සදුදා දිනයේ ඒ මහතා එහි රාජකාරි භාරගෙන තිබෙනවා.