Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අපොස උසස් පෙළට සහ ශිෂ්‍යත්වයට දින නියම වෙයි

By News Team on July 19th, 2021 in Local

මෙවර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා අද (19) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ නොවැම්බර් 15 වනදා සිට උසස් පෙළ විභාගය ආරම්භ වන බවයි.

දෙසැම්බර් 10 වනදා දක්වා එම විභාගය පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 8 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.