Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අර්බුධය නිමයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩක ගිවිසුමට අත්සන් තබයි

By News Team on July 7th, 2021 in Sport

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් පැවැති අර්බුධය නිමාවී තිබෙනවා.

ඒ අනුව එංගලන්ත සංචාර නිම කර පැමිණීමෙන් පසු සියලු ක්‍රීඩකයන් ඉදිරි වසර සඳහා වන සිය ක්‍රීඩක ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (06) සවස දිවයිනට පැමිණි ක්‍රීඩකයන් හට ගිවිසුමට අත්සන් තැබීම සඳහා අද (07) උදෑසන 08 දක්වා කාලය ලබා දුන්නා.

ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග වාර්තා කරන්නේ සියලු ක්‍රීඩකයන් ලබා දී තිබූ කාලය ඉකුත් වීමට පෙර ක්‍රීඩක ගිවිසුම අත්සන් තබා ඇති බවයි.

එංගලන්ත සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඔවුන් වර්ග කිරීමේ අනුගමනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් කිසිඳු විනිවිදභාවයක් නොමැති බව පවසමින් ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ කාලය ඉකුත් වීමෙන් පසු ක්‍රීඩක ගිවිසුමට අත්සන් නොතබන ක්‍රීඩකයින් මේ සතියේ ආරම්භ වීමට නියමිත ඉන්දීය තරඟ සංචාරය සඳහා තෝරා ගැනීම සලකා නොබලන බවයි.