Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සරසවි සිසුන්ට කොවිඩ් එන්නත් ලබාදීම අද සිට ඇරඹේ

By News Team on October 11th, 2021 in Local

සරසවි සිසුන්ට කොරෝනා එන්නත් විශ්ව විද්‍යාල තුළම ලබාදීම අද (11) ආරම්භ වනවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලු උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා කර මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ තමන් කුමන විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරුවද මේ වනවිට පදිංචි පළාතේ ඇති විශ්ව විද්‍යාලයකට ගොස් ඔවුන්ට එන්නත ලබාගත හැකි බවයි.

මෙහිදී සයිනොෆාම් එන්නත් ලබාදීම සිදුවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.