Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සමඟි ජන බලවේග විරෝධතා සඳහා අධිකරණයේ අවසර

By News Team on November 16th, 2021 in Local

කොටහේන පොලිස් බල ප්‍රදේශයේ ජන උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් වාරණ නියෝගය අද (16) පෙරවරුවේ විසුරුවා හැර තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය විසිනි.

අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ නිරෝධායන නීතිවලට අනුකූලව උද්ඝෝෂණ පවත්වන ලෙසයි.

අද (16) පෙරවරු 2ට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් බොහෝ අධිකරණ එම ඉල්ලීම් ඊයේ (15) ප්‍රතික්ෂේප කළ අතර ඇතැම් අධිකරණ පොලිසිය කරනු ලැබූ ඉල්ලීම පිළිගෙන විරෝධතා පැවැත්වීම තහනම් කර තිබුණා.