Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙක්ගේ දුරකථන වාර්තා සපයන ලෙස අධිකරණයෙන් නියෝග

By News Team on July 20th, 2021 in Local

පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුලු 04 දෙනෙකුගේ දුරකථන ඇමතුම් වාර්තා සපයන ලෙස අධිකරණය දුරකථන සමාගම් කිහිපයකට නියම කර තිබෙනවා.

ඒ මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරියක මියයාමේ සිද්ධියේ විමර්ශනවලට අදාළවයි.

එමෙන්ම දැරිය අදාළ නිවසට රැගෙන ආ බව කියන තැරැව්කරුගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමටද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවිය අවසර ලබාදී තිබෙනවා.

බොරැල්ල පොලිසිය මෝසමක් මගින් කල ඉල්ලීමක් සැළකිල්ලට ගෙනයි අධිකරණය මෙම අවසරය ලබාදී ඇත්තේ.