Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පොදු ස්ථානවලට කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ළඟදීම

By News Team on November 11th, 2021 in Local

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය පමණක් පොදු ස්ථානවලට ඇතුළු වීම සඳහා නීතිපති උපදෙස් ලබාදී ඇති බැවින් එය කඩිනමින් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහනුවර ජාතික රෝහලට අද (11) පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

අමාත්‍යවරයා සඳහන් කළේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන නොමැති අයට පොදු ස්ථානවලට ඇතුළු විය නොහැකි ලෙස වාරණයක් ගෙන ඒමට ඇති හැකියාව සම්බන්ධව නීතිපති උපදෙස් පැතූ බවයි.