Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

චීනයේ යළිත් කොරෝනා හිස ඔසවයි

By News Team on July 31st, 2021 in International

චීනයෙන් නැවතත් කොරෝනා අවධානමක් මතුව ඇති බව වාර්තා වනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ නැන්ජිං නගරයේ මෑතකාලීනව හඳුනාගත් කොරෝනා ව්‍යාප්තිය බිජිං අගනුවර සහ ප්‍රාන්ත 05කට පැතිරී ගොස් කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වී ඇති බවයි.

පසුගිය වසරේ දී වූහාන් නගරයේ පැතිරීම සිදුවූ ව්‍යාප්තියෙන් පසු දරුණුතම වසංගත තත්ත්වය මෙය සැලකෙන බවයි චීන බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

පසුගිය 20 වනදා සිට මේ දක්වා ආසාධිතයින් 200කට වැඩි පිරිසක් අදාළ ප්‍රදේශවලින් හමු වී තිබෙනවා.

මෙම තත්ත්වය මත නැන්ජිං ගුවන් තොටුපොළේ සිට සියලු ගුවන් ගමන් ලබන 11 වනදා දක්වා අතිහිටුවීමට ද එරට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව සඳහන්.

මේ අතර නැන්ජිං නගරයේ ජිවත් වන ලක්ෂ 93 දෙනාටම PCR පරීක්ෂණ සිදු කිරීමට චීන සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.