Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් කොරෝනා අවධානමක්?

By News Team on July 7th, 2021 in Sport

ඊයේ (06) දිනයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු පිරිසක් කොරෝනා ආසාධිතයන් ලෙස හඳුනා ගැනීමෙන් පසු ඔවුන් සමඟ තරඟ සංචාරයට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද PCR ප්‍රතිඵල වාර්තාවන් අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වනවා.

එරට ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරයකට සහභාගී වූ සමස්ථ එංගලන්ත සංචිතයම මේ වන විට හුදකලා කර ඇති බවයි.

මේ වන විටත් එරට ක්‍රිකට් ආයතනය පාකිස්ථානයට එරෙහි තරඟාවලිය සඳහා බෙන්ස් ස්ටෝක්ගේ නායකත්වයෙන් නව සංචිතයක් පත් කර තිබෙනවා.

ඊයේ (06) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් දිවයිනට ළඟා වූ අතර එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අනුව ඔවුන් කිසිවෙක් ආසාධිතයන් ලෙස හඳුනා ගැනුණේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ (06) රාත්‍රියේ PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර ඒවායේ වාර්තා අද (07) දිනයේ ලැබීමට නියමිත බවයි.

කෙසේ වෙතත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආර්තර් ප්‍රකාශ කර ඇත්තේ තරඟාවලිය අවසානයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සුහද හමුවක් පැවැති බැවින් PCR පරීක්ෂණ සඳහා අවධානය යොමු කළ යුතු බවයි.