Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොරෝනා ආසාධිත මැති ඇමතිවරුන්ගේ ආශ්‍රිතයන් සොයා විශේෂ පරීක්ෂණයක් අරඹයි

By News Team on August 8th, 2021 in Local

කොරෝනා ආසාධනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමීපතමයන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මේ සඳහා පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධතිය ද පරික්ෂා කරන බවයි.

මේ වන විටත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක තිස්ස කුට්ටිආරච්චි, රෝහණ දිසානායක සහ දිල්ප් වෙද ආරච්චි යන මහත්වරුන්ට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.

ඒ අතුරින් මහින්දානන්ද අලුත්ගමගේ සහ ජානක තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ කිසිඳු රැස්වීමකට හෝ පැමිණ තිබුණේ නැහැ.

පසුගිය අඟහරුවාදා දිනයේ රෝහණ දිසානායක මහතා පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වී තිබුණා.

ඊට අමතරව දිලිප් වෙදආරච්චි මහතා දින දෙකක් පාර්ලිමේන්තු පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් මේ දක්වා සිදුකර ඇති පරික්ෂාවලට අනුව ඔවුන් දෙදෙනාගෙන් ඇති අවධානම ඉතා අවම මට්ටමක පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.