Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොරෝනා යළිත් යුරෝපය තුළ වර්ධනය විය හැකියි – WHO

By News Team on November 5th, 2021 in International

ලබන වසරේ පෙබරවාරි මාසය වන විට යුරෝපයෙන් තවත් කොවිඩ් මරණ 05ක් ඉක්මවා වාර්තා විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

එම සංවිධානය අනාවැකි පළ කරන්නේ යුරෝපය තුළ යළිත් වරක් දරුණු කොරෝනා ව්‍යාප්තියක් සිදුවිය හැකි බවයි.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නා පුද්ගලයන්ගේ කැපී පෙනෙන අඩුවක් පැවැතීම බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ යුරෝපය සහ මධ්‍යම ආසියාවේ රටවල් 53ක සිදුකළ පර්යේෂණකින් අනතුරුවයි.

ගෙවී ගිය සතියේ පමණක් රුසියාවෙන් මරණ 8100ක් සහ යුක්රේනයෙන් මරණ 3800ක් වාර්තා වුණා.

ඊට අමතවර ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය යන රටවලද කොරෝනා මරණ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණා.