Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් අද සිට Online ඔස්සේ

By News Team on August 2nd, 2021 in Local

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාදීම අද (02) සිට ආරම්භ කර තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සහතික පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාගැනීම සඳහා ජංගම දුරකථන සහ පරිඝණක භාවිතයෙන් ඉල්ලුම් කළ බවයි.

ඊට ක්‍රෙඩිට් කාඩ් භාවිත කරමින් අදාළ ගෙවීම් සිදුකළ හැකියි.

එමෙන්ම සහතික සීඝ්‍රගාමී තැපෑල ඔස්සේ නිවසටම ගෙන්වා ගැනීමට හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබා ගැනීමේ පහසුකම ද සපයා ඇති බවද රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ පිළිබඳ වැඩිදුර 011 යි 2 යි 889 යි 518 දුරකතන අංකයෙන් ලබාගත හැකියි.