Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අද ඇරඹේ

By News Team on November 23rd, 2021 in Local

2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අද (23) ආරම්භ වනවා.

ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, පාර්ලිමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන සහ කාර්යාල 19 ක වැය ශීර්ෂ අද දිනයේදී විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිතයි.

2022 අයවැය යෝජනාව දෙවනවර කියවීම වැඩි ඡන්ද 93කින් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 153ක් ලැබුනු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60ක් පමණයි.

අද ආරම්භ වන කාරක සභා අවස්ථාවේ විවාදය ලබන දෙසැම්බර් මස 10 වනදාතෙක් දින 16 ක් පැවැත්වීමට නියමිතයි.

2022 වසර සදහා වන අයවැය යෝජනාවේ සඳහන් එක් එක් අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ විවාදයට ගෙන සම්මත කරගැනීමයි මෙහිදී සිදුවන්නේ.

අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම හෙවත් අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ටයි.