Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගෑස් අනතුරු ගැන සොයන කමිටුවේ විමර්ශන තවදුරටත්

By News Team on December 9th, 2021 in Local

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ ගෑස් ආශ්‍රිත අනතුරු සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව ගෑස් ආශ්‍රිත අනතුරු පිළිබඳ විමර්ශනයට ජනාධිපතිවරයා පත්කළ කමිටුව පවසනවා.

විමර්ශනවලින් අනතුරුව අවසන් නිගමනයකට එළඹෙන තෙක් ගෑස් අනතුරු සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි එහි සාමාජික මහාචාර්ය පී. ඩබ්ලිව්. ජයතිලක මහතා කියා සිටියේ.

ඊයේ (08) දිනයේ කමිටු කිරුළපන, වත්තල, කඳාන සහ ජා ඇල ප්‍රදේශවල ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වූ නිවෙස් පරික්ෂා කළා.