Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොළඹ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම අද සිට

By News Team on June 28th, 2021 in Local

කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම අද (28) ආරම්භ වනවා.

කොළඹ නගර සභාවේ ප්‍රකාශයෙක් කියා සිටියේ අදාළ දිනය සහ වේලාව, ස්ථානය ඇතුළත් ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මාර්ගයෙන් අදාළ පුද්ගලයන්ට යොමු කිරීමට නියමිතයි.

අදාළ පණිවිඩය නොලද කිසිවෙකුටත් එන්නතේ දෙවන මාත්‍රාව ලබා නොදෙන බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රකාශකයා සඳහන් කළේ.

එන්නත් ලබාදීම මධ්‍යස්ථානයක දෙකක දී සිදු කිරීමට නියමිත පරිදි උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ ආවරණය වන පරිදි සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේත්, බොරැල්ල, බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආවරණය වන ලෙස කිරුළපන මුගලන් පාරේ සිතුමිණ ප්‍රජා ශාලාවේදී එන්නත් ලබාදීම සිදු කරන බවයි කොළඹ මහ නගර සභාව කියා සිටියේ.

මහජනතාව එන්නත්කරණය සඳහා පැමිණීමේදී අදාළ කෙටි පණිවිඩය සහිත ජංගම දුරකථන රැගෙන ආයුතු අතර එන්නත්කරණය කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අත්‍යාවශ්‍ය වනවා.