Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරුවරුන්ගේ තටු කපන්න ගිය කොල්ලුරේගේ තටු පක්ෂය කපා දමයි

By News Team on October 24th, 2021 in Local

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පක්ෂ මුලස්ථානයේ අද (24) පැවැති මධ්‍යම කාරක සභාව වෙත පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගෙන ආ යෝජනාවකට අනුව මෙම තීරණය ගත් බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ද කිරීමට නියමිත බවයි පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා කියා සිටියේ.

රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වශයෙන් මෙන්ම වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළා.

ඔහු ගුරු විදුහල්පති වැටුප් අරගලය සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය රට තුළ දැඩි ආන්දෝලනයට ලක් වුණා.

එහිදී ඔහු කියා සිටියේ පළමු අදියර යටතේ විවෘත කළ පාසල්වලට නොපැමිණෙන වයඹ පළාතේ ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවයි.