Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර ගන්න – චීන රජයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

By News Team on November 3rd, 2021 in International

හදිසි අවස්ථාවකට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර තබා ගන්නා ලෙස චීන රජය විසින් එරට මහජනතාවට දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ වෙළඳ අමාත්‍යවරයා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති නමුත් මේ දක්වා ඊට හේතුව ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

ඒ අනුව චීන රජය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම් මාර්ග පුළුල් කරන ලෙසත් මිල ගණන් ස්ථාවර පවත්වාගෙන යන ලෙසත් නියෝග කර තිබෙනවා.

මේ වන විට චීනයේ යළිත් කොරෝනා වෛරස තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින අතර ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් තත්ත්වයේ පවතිනවා.

තවද චීනයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක වගාවන්ට ද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.