Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රට සතියකටවත් වසා දමන්න – මහනාහිමිවරු ජනපතිට ලිපියක් යොමු කරමින් ඉල්ලයි

By News Team on August 19th, 2021 in Local

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියක කාලයක් රට වසා තබන ලෙස අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත අද (19) විශේෂ ලිපියක් යොමු කරමින් මහනාහිමිවරුන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අදවනවිට සමස්ත රටවාසීන් මහත් ව්‍යසනයකට පත්ව සිටින බවත් ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළයමින් පවතින බවත් අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් අවධාරණය කර තිබෙනවා.

ඉදිරි මාස කිහිපය තුළදී ශ්‍රී ලංකාව තුළ ඇතිවිය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද අනතුරු අගවා ඇති බැවින් සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක කාලයක් හෝ රට වසා දමා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගන්නා ලෙසයි අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙන් ඉල්ලා ඇත්තේ.