Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන CID නැවත විමර්ෂණ අරඹයි

By News Team on August 3rd, 2021 in Local

අරන්තලාව භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවත වරක් විමර්ශණයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.

1987 වසරේ සිදුවූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසින් ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙංගප්පුලි සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (03) කැදවූ අවස්ථාවේදීයී මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

අදාල ස්වාමීන් වහන්සේගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මෙම විමර්ශණය ආරම්භ කර ඇති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විනිසුරු මඩුල්ල ඉදිරියේ වැඩිදුරටත් කියා සිටියේ.

මෙම විමර්ශණ වල ප්‍රගතිය සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් ලබන ඔක්තෝබර් 12 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතිපතිවරයා විසින් දන්වා ඇති බවයි.