Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පොදු ස්ථානවල සිදු කරන උද්ඝෝෂණ ගැන CID පරීක්ෂණ අරඹයි

By News Team on July 27th, 2021 in Local

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හා ජන ජීවිතය මහජන සෞඛ්‍ය දැඩි අවධානමකට ලක් කරමින් පොදු ස්ථානවල උද්ඝෝෂණ කිරීම යන කරුණු සම්බන්ධයෙන් සිදුකර ඇති පැමිණිල්ලකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ එවැනි පුද්ගලයන්ට නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා යුක්තිය උදෙසා ජනතාව නම් සංවිධානයේ සභාපති දම්ගල්ල ගමගේ ධනුෂ්ක දිල්ශාන් ගමගේ නමැත්තකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාලව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඔහු පෙන්වා දී ඇත්තේ කොවිඩ් 19 වෛරසය රටපුරා පැතිරයාම සම්පූර්ණයෙන් නතරවී නොමැති අවස්ථාවක රටපුරා මහජන උද්ඝෝෂණ පැවැත්වීම තුළින් රෝග ව්‍යාප්තිය වර්ධනය වී බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් රටතුළ නිර්මාණය කිරීමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බවයි.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සහ රෝග ව්‍යාප්තිය වැලක්වීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති උපමානවලට පටහැනිව කටයුතු කරමින් නිරෝධායනීය රෝගයක් ව්‍යාප්තවීම සඳහා හිතාමතාම යම් තැනැත්තෙකු කටයුතු කර ඇත් ද යන්න යන්න පිළිබඳව සෙවීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.