Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

චීන පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු නැහැ – තුන්වන පාර්ශවයේ පරීක්ෂණයකින් තහවුරු කරයි

By News Team on November 11th, 2021 in Exclusive Story

ශ්‍රී ලංකාව විසින් ආනයනය කරන ලද චීනයේ නිෂ්පාදිත කාබනික පොහොර තොගයේ කිසිඳු අහිතකර බැක්ටීරියාවක් නොමැති බව තුන්වන පාර්ශවයක් විසින් තහවුරු කර තිබෙනවා.

Schutter Global Inspection and Survey Company නම් ආයතනය මෙම සහතිකය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ වාර්තාව, පොහොර තොගය තුළ සල්මනෙල්ලා, කෝලිෆෝම් හෝ වෙනත් අහිතකර බැක්ටීරියා කිසිවක් අඩංගු නැති බව තහවුරු කරනවා.

ජාතික ශාක නිරෝධායන ආයතනය මගින් අදාළ පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා අඩංගු බව ප‍්‍රකාශ කළ අවස්ථාවේ දී චීන සමාගම එම වාර්තා පිළි ගැනීම ප‍්‍රතික්ෂේප කළා.

ඔවුන් පවසා සිටියේ, දෙපාර්ශ්වයටම පිළිගත හැකි ස්වාධීන තෙවන පාර්ශ්වයක් මගින් පොහොර සාම්පල යළි පරීක්ෂා කළ යුතු බවයි.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පොහොර සාම්පල තෙවන පාර්ශ්වයකට ලබා දී පරීක්ෂා නොකරන බවත්, නැව ආපසු හරවා යවන බවත්ය.

මේවන විට Schutter Global Inspection and Survey Company ආයතනයෙන් ලබා ගත් වාර්තාව, මේ වන විටත් ජාතික ශාක නිරෝධායන ආයතනය වෙත චීන පොහොර සමාගම විසින් ලබා දී තිබෙන බව වාර්තා වනවා.