Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ටෝකියෝ පළමු රන් පදක්කම චීනය දිනාගනී

By News Team on July 24th, 2021 in Sport

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත්ව තිබෙනවා.

චීනය මෙම පදක්කම දිනා ගත්තේ කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙනි.

මේ අතර අද (24) දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව ඔලිම්පික් තරඟ බිමට පිවිසිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල සමත් වුණා.

ඇය මීටර් 10 වායු රයිෆල් තෝරා ගැනීමේ පළමු වටයට මුහුණ දුන් අතර තරඟයේ 50 දෙනා අතුරින් 49 ස්ථානය දිනාගැනීමට ටෙහානිට හැකි වුණා.

ඒ අනුව ඇයට ඉදිරි තරඟ සඳහා සහභාගී වීමට හිමි වන්නේ නැහැ.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පිහිනුම් ක්‍රීඩිකා අනිගා ගෆූර් සහ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න අද (24) තරඟ බිමිට පිවිසෙනවා.