Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉංගිරියේ හිමිනමක් ඝාතනය කරන්න තැත් කළ විහාරාධිපති හිමිනමක් පොලිස් අත්අඩංගුවට

By News Team on July 8th, 2021 in Local

තම විහාරස්ථානය වැඩ වාසය කරන ස්වාමින් වහන්සේ නමක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉංගිරිය ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ විහාරස්ථානයේ රියදුරුට රුපියල් ලක්ෂ 11ක කොන්ත්‍රාතුවක් ලබාදී මෙම ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

විහාරස්ථානය අයිතිය සම්බන්ධ ආරවුලක් මත මෙම කුමන්ත්‍රණය කර ඇති අතර ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් රියදුරු සොයා පොලීසිය මේ වන විමර්ශණ ආරම්භ කර ඇති තිබෙනවා.