Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මහරාජා සමුහයේ සභාපති ආර්. රාජ මහේන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි

By News Team on July 25th, 2021 in Local

කැපිටල් මහ රජා මාධ්‍ය සමුහයේ සභාපති ආර්. රාජමහ්න්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පසුගිය දා කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර ලැබීම සඳහා ඇතුලත් කළා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී අද (25) අළුයම ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 79 වියේ පසු වුවා.

ඔහු රෝහලට ඇතුලත් වන විටත් කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල යුග පෙරළියකට මග පෑදු නාලිකාවක් ලෙස සිරිස නාලිකාව හැඳින්විය හැකියි.

තවද ඔහු මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු ලෙස හඳුන්වනු ලබනවා.