Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මහ බැංකුවෙන් අලුත් වාර්තාවක් පිහිටුවයි – එක් දිනකදී මුද්‍රණය කළ විශාලතම මුදල් ප්‍රමාණය මුද්‍රණය කරයි

By News Team on June 29th, 2021 in Exclusive Story

ශ්‍රී ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර මහ බැංකුව විසින් එක් දිනක් තුළදී මුද්‍රණය කරන ලද විශාලතම මුදල් ප්‍රමාණය ඊයේ (28) දිනයේ මුද්‍රණය කර ඇති බව වාර්තා වනවා.

ඩේලි මිරර් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ගෙවුණු සතියේදී මහ බැංකුව විසින් රුපියල් බිලියන 23ක් මුද්‍රණය කර ඇති බවයි.

ඊට අමතරව ඊයේ (28) දිනයේ දී පමණක් රුපියල් බිලියන 208.45ක් මුද්‍රණය ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කරනවා.

වෙබ් අඩවියේ පළවූ ලිපියේ වැඩිදුරටත් වාර්තා කරන්නේ බදු අදායම අහිමි වීම හේතුවෙන් අයවැය හිඟය පියවා ගැනීම සඳහා මෙසේ මුදල් මුද්‍රණය කර ඇති බවයි.