Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගොකරැල්ලේ දී පැහැරගත් මෝටර් රථයක් මාලඹේ දී සොයා ගැනේ – සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට

By News Team on November 7th, 2021 in Local

කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබියදී පැහැරගෙන ගොස් තිබූ ලක්ෂ 90ක් පමණ වටිනා මෝටර් රථය මාලඹේ ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ නිවසේ තිබියදීයි අදාල මෝටර් රථය සොයාගෙන ඇත්තේ. මෝටර් රථය සොරකම් කිරීම සදහා සැකකරුවන් පැමිණි ජීප් රථයක් සහ ඔවුන් සතුව තිබූ වායු පිස්තෝලයක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

කුරුණැගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයයි මෙම වැටලීම කර ඇත්තේ. ගොකරැල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ සුඛෝපබෝගී මෝටර් රථයක් පැහැරගෙනගොස් තිබුනේ පසුගිය 02වනදායි.

පොලිස් නිළධාරින් බව පවසා නිවස තුළට බලහත්කාරයෙන් ඇතුලුවී නිවැසියන් බිය ගන්වා මෝටර් රථය කොල්ලකා තිබූ බවයි පොලිසිය සදහන් කලේ.