Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රට තුළ තිබෙන වත්මන් කොරෝනා තත්ත්වය ගැන තේරුම් ගන්න බැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

By News Team on July 23rd, 2021 in Local

මේ වන විට රට තුළ පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරු කරගැනීමේ දී දැඩි අපහසුතාවකට පත්ව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ කොරෝනා ආසාධිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ අඩුකර තිබීම ඊට හේතුව වී ඇති බවයි.

රට පුරා ඩෙල්ටා ප්‍රභේදය ආසාධනය වුවන් දිවයින පුරා සිටීම හේතුවෙන් අහඹු පරීක්ෂණ සිදුකර ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාපෘතිය සම්බන්ධව නිසි අධ්‍යනයක් කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කරන්නේ කොරෝනා එන්නත් සම්බන්ධව ප්‍රචාරය වන වැරදි තොරතුරු පිළිබඳ සැලකිල්ලක් නොදක්වන ලෙසත් අවස්ථාවක් ලද මොහොතේ එන්නත ලබා ගන්නා ලෙසයි.